හම්බන්තොට පිස්තෝල නගරාධිපති ඉල්ලා අස්වෙයි

හම්බන්තොට පිස්තෝල නගරාධිපති ඉල්ලා අස්වෙයි

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සිය නගරාධිපති ධුරයෙන් ඊයේ (09) ඉල්ලා අස් වී තිබේ.

ඔහු ඊයේ පැවති මාසික සභා රැස්වීමේදී තම ඉල්ලා අස්වීම මහා සභාවට දැනුම් දී ඇත.

වසර 10කට වැඩි කාලයක් ඔහු හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හම්බන්තොට මහ නගර සභාවට තරග කළ එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට මිරිජ්ජවිල කොට්ඨාසයෙන් ජයග්‍රහනය කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන්ගේද සහාය මත හම්බන්තොට මහ නගර සභාවේ වත්මන් නගරාධිපති වරයා වශයෙන් තේරී පත්විය.

ඔහුගේ වසර 10ක පාලන කාලය තුළ වංචා දූෂණ, ගිනි අවි පරිහරණය ඇතුළු චෝදනා රැසක් එල්ලවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්