මේ වනවිට ආණ්ඩුව කටයුතුකරමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කලකිරීම හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බව ගලිගමුව ප්රාදේශීය සභාවේ වට්ටාරම කොට්ඨාශයේ පොහොට්ටු පක්ෂ මන්ත්රී නලීන් තරංඟ සඳහන් කරයි.
තමන්ගේ කොට්ඨාශයේ සවර්ධන කටයුතු මෙන්නම දේශපාලන කටයුතුවලදී තමන්ව දැනුවත් නොකරන බවත් පොහොට්ටු පක්ෂයට ඡන්දය ලබා දුන් තවමත් ආණ්ඩුව සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇති ජනතාව කොට්ඨාශයේ සිදුවන වැඩකටයුතු සම්බන්ධවෙන් දිගින් දිගටම තමන්ගෙන් ප්රශ්න කරන බවත් ආණ්ඩුවේත් පොහොට්ටු පක්ෂයේත් ක්රියාකලාපය සම්බන්ධයෙන් තමන්ට ඇතිව තිබෙන දැඩි කලකිරීම හේතුවෙන් තමන් ගලිගමුව ප්රාදේශීය සභාවේ මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සභාවේදී විවෘතව ප්රකාශ කර ඉන් ඉවත්ව තිබේ.
Views: 0










