ගෙවී ගිය වසර 40ක් පුරා මෙරටට ලැබී ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් කෝටි 1300ක් වන අතර මෙරටට ලබා ගෙන ඇති මුලු විදේශ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 5100ක් බව මහාචාර්ය සිරිමල් අබේරත්න පෙන්වා දී තිබේ.
ඔහු පුවත්පතකට ලියූ ලිපියකින් මෙම තොරතුරු හෙළිකර ඇත. එහිදී මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ ගෙවී ගිය වසර 40ක් පුරා ඩොලර් කෝටි 1300ක ඍජු විදේශ ආයෝජන ලබා ගෙන තිබෙන අතර 2007 සිට 2019 දක්වා වසර 12ක් තුළ ඩොලර් කෝටි 1700ක විදේශ වාණිජ ණය ලබා ගෙන ඇති බවයි.
විදේශ ණය නොව ඍජු විදේශ ආයෝජන ලබා ගැනීම තම ප්‍රතිපත්තිය බව මේ දක්වා බලයේ සිටි සියලුම ආණ්ඩු ප්‍රකාශ කළ ද, සැබෑ වශයෙන්ම සිදු කර තිබෙන්නේ ඍජු විදේශ ආයෝජන මෙන් සිව් ගුණයකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීම ය.
Views: 0










