බැසිල් ගැන ඇමතිවරු කෝපයෙන්

බැසිල් ගැන ඇමතිවරු කෝපයෙන්

මෙම වර්ෂයේදී අමාත්‍යංශවල වියදම් දැඩි ලෙස කපා හැරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් දෙවන වරටත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂට ඇමතිවරුන්ගේ කෝපය පළවී ඇති බව වාර්තා වේ.

ඊයේ (07) පැවති කැබිනට් හමුවෙන් පසුව විවිධ ඇමතිවරුන් මුහුණ මුහුණ හමුවී සහ දුරකතන මාර්ග ඔස්සේ මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවල විශේෂ අවධානය යොමුවී ඇත්තේ බැසිල් රාජපක්ෂ ඔහුගේ ප්‍රතිරූපය ඉහල නංවා ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති වෙනුවෙන් හිතුමතයේ වියදම් ඇස්තමේන්තු සම්මත කර ගන්න අතර අනෙකුත් ඇමතිවරුන්ට දැඩි සීමා පැණවීම බව වැඩි දුරටත් හෙළිවේ.

මෙම වර්ෂය තුළ අමාත්‍යංශ වියදම් සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් පවා ලබා නොදීමේ ක්‍රියාමාර්ග මේ වනවිටත් වක්‍රාකාරයෙන් දියත් කර ඇති බව ඇමතිවරු සාකච්ඡා කර තිබේ. මේ පිළිබඳව නොදුරේදීම ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමේ සූදානමක් ද පවතින බව අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn