රාගම වෛද්‍ය පීඨ සිදුවීමේ මන්ත්‍රී පුතා ඇතුළ කණ්ඩායමට ඇප

රාගම වෛද්‍ය පීඨ සිදුවීමේ මන්ත්‍රී පුතා ඇතුළ කණ්ඩායමට ඇප

රාගම වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 09 දෙනා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වෛද්‍ය පීඨ සිසුන් ඇතුළු සැකකරුවන් 09 දෙනාගෙන් 05 දෙනෙකු බන්ධනාගාර නිළධාරීන් විසින් අද (07) අධිකරණයට ඉදිරිපත් කෙරූ අතර වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා ඔවුන් ඇප මත නිදහස් කරන ලෙස නියෝග කර ඇත.

නීතිඥයින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරුවන්ට යළි මෙවැනි ආකාරයේ ගැටුම්වලට මැදිහත් නොවන ලෙස තරයේ අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා එක් සැකකරුවෙකු රුපියල් 5,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත. තවද සැකකරුවන් සියලු දෙනාට විදෙස් ගමන් තහනම් කර ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් සෑම මසකම අවසන් ඉරිදා පෙරවරු කාලයේදී රාගම පොලිසීයේ පෙනී සිටින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn