ඌව වෙල්ලස්සේ අක්කර 65,000ක ඉඩම් සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් (Gazelle Ventures) සමාගමට ලබාදීම සඳහා මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වර්තමාන ආණ්ඩුව අලුතින් පියවර ගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා වෘත්තීයවේදීන් පරසර වේදීන් සහ විද්වතුන් පිරිසක් නිරීක්ෂණ සංචාරයක නිරත වූහ.
ඉන් පසුව, අදහස් දැක්වූ එම පිරිස දැනට දශක එක හමාරකට වැඩි කාලයක සිට විවිධ ආණ්ඩු යටතේ බහුජාතික සමාගම්වලට මෙම ඉඩම් පවරාදීම සඳහා ගෙන යන උපක්රමශීලි ක්‍රියාමාර්ග පරාජය කළයුතු බව අවධාරණය කළහ. මෙම අවස්ථාවට කැලණි විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිහිටියේ පීඨාධිපති ජාතික විද්වත් සංවිධානයේ සභාපති ඉතිහාසය පිළිබඳ මහාචාර්ය චන්දන අබේරත්න, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් වර්තමාන කැළණි විශ්විද්‍යාලයේ ආචාර්ය සෙනරත් දිසානායක, රුහුණු විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරුන් වන ශම්මික ලියනගේ හා දේව මයිකල්, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ඉන්දික තෙන්නකෝන්, යන මහත්වරුන් ද ජේෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර ඇතුළු පරිසර වේදීන් කණ්ඩායමක්ද රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් ප්රමුඛ ආදිවාසීන් කණ්ඩායමක් ද , පැමිණි සිටියහ.
මෙම ඓතිහාසික ගම්බිම් පිළිබඳව කෙටි විස්තරයක් පහත පළවේ.
“1815 මාර්තු 02 වන දින කන්ද උඩරට මඟුල් මඩුවේදී ගිවිසුම් ගසා මුළු ලාංකීය මාතෘභූමිය ම සුද්දාට පවරා දී දැනට වසර 207 කි. එකල අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කර ගැනීම උදෙසා පළමු වෙඩි මුරය පත්තු කළේ ඌව වෙල්ලස්සේ අපේ මුතුන් මිත්තන්ය. සුදු අධිරාජ්‍යවාදීන් ඒ අරගලකරුවන් බොහෝමයක් ඝාතනය කර මේ වෙල්ලස්සෙ මිහිදන් වීමට පාර කැපුවේය. ඔවුන්ගෙන් සාරවත් වූ මේ පස විකුණා දැමීමට දැන් සූදානම් ය.
2006 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි කළ පළමු කැබිනට් පත්‍රිකාව දමා අනුමත කොට ඉඩම් අක්කර 65000 ක්, අපව වැනසූ බ්‍රිතාන්‍යයේම බහුජාතික සමාගමක් වූ බූකර් ට්‍රේට් සමාගමට ගිවිස ගත්තේය. ඔවුන් පැමිණ බිබිලේ කාර්යාල දමා වැඩ ආරම්භ කළේය. මීට එරෙහිව අප කළ දැවැන්ත අරගල හමුවේ ඔවුන් රට අතහැර ගියේය.
මේ සඳහා ලංකාවේ අත් උදව් දෙන අයි.එම්.එස්.එස්.හෝල්ඩින්ස් නම් සමාගමක් තිබේ. බහු ජාතික සමාගම් වලින් සල්ලි ගරා ගන්නා මොවුන් සමහර ස්වාමින් වහන්සේලාට, අහිංසක ගම්වැසියන්ට, සමහර නිලධාරීන්ට සහ ආරක්ෂක අංශයේ අයට කප්පන් ,දොළ පිදේනි ,අල්ලස් දෙමින් ඉතිහාසයේ පරිදි රට පාවාදීමට රටට ද්‍රෝහී වීමට මිනිසුන් පොළඹවමින් කටයුතු කරමින් සිටී.
යහපාලන ආණ්ඩුවේ රනිල්, මෛත්‍රී ද මෙම ව්‍යාපෘතිය අනුමත කරමින් මේ ඉඩම් විකිණීමට උත්සාහ ගත්තේය.
යුඑන්පී. ශ්‍රීලංකා පොදුජන පෙරමුණ මේ පක්ෂ තුනම ඡන්ද කාලයට පැමිණ ඉඩම් විකුණන්නේ නැති බවට පොරොන්දු වෙමින් අහිංසක ගම්වැසියන්ගේ ඡන්ද කොල්ල කා බලය ලබා ගත්තේය. බලය ලබාගත් පසු බහුජාතික සමාගම් වලට රට විකිණීම ආරම්භ කරන්නේ ය.
ජාතිය ආගම රකින බවට පුරසාරම් දොඩා, රුවන්වැලි මහා සෑය ලඟ දිවුරා පැමිණි නන්දසේන ජනාධිපති වරයාද පිරිත් නූල් බැඳි අතින් මෙම ඉඩම් අක්කර 65000.00 සිංගප්පූරුවේ gazelle ventures බහුජාතික සමාගම සඳහා විකිණීමට මේ වන විට සූදානම්.
මේ භූමිය, මේ පරිසරය, මේ ජාතික උරුමයන් – පුරාවස්තූන්, රැක ගැනීම උදෙසා හෙට ද, අපට දැවැන්ත අරගලයක් කිරීමට සිදුව ඇත”.
මෙම අරගලයට ජාතිමාමක දේශමාමක සියලු දෙනාගේ සහාය ඒ වෙනුවෙන් අපි ඉල්ලා සිටියි.


























