අන්තවාදී දේශන පැවැත්වූවයි අත්අඩංගුවට ගත් හිජාස් හිස්බුල්ලාට ඇප…

අන්තවාදී දේශන පැවැත්වූවයි අත්අඩංගුවට ගත් හිජාස් හිස්බුල්ලාට ඇප…

මද්‍රසා පාසලකදී අන්තවාදී දේශන පැවැත්වීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කිරීමට අභ්‍යාචනාධිකරණය නියෝග කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකාබැලීමෙන් පසු මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත අද (07) මෙම නියෝග නිකුත් කර ඇත.

එම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනු ලැබුවේ 2020 වසරේ අප්‍රේල් මස 14 වනදාය.

Facebook
Twitter
LinkedIn