ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන සංදේශයක් මගින් පළාත් මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘති සඳහා වැය කරන ලද බව කියන රුපියල් මිලියන 283ක වැය බරක් ගෙවීමට මුදල් වෙන් කරන මෙන් ඉල්ලා ඇත.
මේ යටතේ ඉල්ලා ඇති මුලු මුදල රුපියල් 283,644,329.59 කි. අනුරාධපුර, ගාල්ල, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල 2011 සිට 2014 දක්වා කලය තුළ එම පළාත් මාර්ග කාපට් කරන ලද බව දක්වා තිබේ. මෙහිදී වැය කරන ලද මුදල්වලට අදාළව හිඟ බිල්පත් ගෙවීමට එම මුදල වෙන් කර දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සහ ආරක්ෂක ඇමති කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා ඇත.
මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් 9,868,219.90ක් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා 16,878,400.00ක්, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් 8,320,446.79 සහ මහනුවර දිස්ත්‍රික්කය සඳහා රුපියල් 159,837,262.90ක් ආදී වශයෙන් ගෙවීමට ඇති බව දැක්වේ.
මෙම මුදල් ඉන්ජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ කටයුතුවලට අදාළ බව දැක්වේ. එහෙත්, ආරක්ෂක අමාත්‍යංශයෙන් මෙම මුදල් වෙන් කළද, ආරක්ෂක අංශ මෙම මාර්ග කාපට් කිරීමට යොදවන ලද බවක් සඳහන් නොවේ.










