ගෝටා බැසිල් දෙන්න දෙපැත්තේ…

ගෝටා බැසිල් දෙන්න දෙපැත්තේ…

අද (03) ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එකිනෙකා වෙන් වෙන්ව ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයේ ප්‍රබල කතාබහක් මතුව ඇති බව වාර්තා වේ.

මේ වනවිට ආණ්ඩුවේ සිටින මුල්පෙළේ ඇමතිවරුන් ජනාධිපති සහ මුදල් ඇමති එකම දිනයේ වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳව බලවත් අර්බුදයකට පත්වී සිටින බවත් තමන් තෝරා ගන්නේ කුමන පාර්ශවයද යන්න බලවත් ගැටළුවක් පවතින බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ “අයවැයෙන් වැඩ ලක්ෂයක්” යන නමින් ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කර තිබූ අතර ස්වාධීන රූපවාහිනිය මෙය සජීවීව විකාශනය කරනු ලැබීය. එම අවස්ථාවේදීම ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේදී පළාත් 06ක පොදුජන සේවා මධ්‍යස්ථාන 47කට රුපියල් මිලියන 250ක කෘෂි යන්ත්‍රෝපකරණ බෙදාදීමේ උත්සවයක් පැවැත්වීය.

ඇමති බැසිල් රාජපක්ෂ සමග ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සිටි අතර ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සමග මහින්දානන්ද අළුත්ගමගේ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සිටි බව වාර්තා වේ. ජනාධිපතිගේ ප්‍රචාරක ව්‍යාපෘතිය හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගොවීන් දිරිමත් කිරීම හා ඵලදායීතාව ප්‍රසස්ථ මට්ටමකට ගෙන ඒම යනුවෙන් දියත් කර තිබිණි.

මෙම වර්ශය වෙනුවෙන් අයවැය සම්මතකරගත් වහාම පසුගිය දෙසැම්බර් 14 වෙනි දින බැසිල් රාජපක්ෂ ඇමරිකාව බලා ගිය අතර ආපසු මෙරටට පැමිණ දින කිහිපයකින් රුපියල් බිලියන 227ක සහන පැකේජයක් ලබාදීම පිළිබඳව නිවේදනය කරනු ලැබීය. මේ ආකාරයට ජනාධිපති සහ මුදල් ඇමති අතර සීතල යුද්ධයක් වර්ධනය වෙමින් තිබියදී ජනාධිපතිගේ සමීපතමයෙකු වන අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයාගේ අතිශය සමීප මාධ්‍යවේදියෙකු විසින් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා සම්මුඛ සාකච්ඡාවකට එක්කරගනිමින් ප්‍රබල දේශපාලන උගුලකට හසු කර තිබේ.

Facebook
Twitter
LinkedIn