බරපතළ ඉන්ධන අර්බුදකයට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා පමණක් ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.
සංස්ථාව සතු ඉන්ධන තොග අනුව එම ඩීසල් හා දැවිතෙල් ප්‍රමාණය විදුලිබල මණඩලයට නිකුත් කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (24) පැවැති සාකච්ඡාවේදී දැනුම් දී තිබේ.
සංස්ථාවද බරපතළ ඩොලර් අර්බුදයකට ලක්ව තිබෙන නමුත් විදුලිය අර්බුදය කළමානාකරණය කරගත යුතු බැවින් අපහසුතාවෙන් වුවද මෙම ඉන්ධන ප්‍රමාණය මණ්ඩලයට ලබාදෙන බව ඇමැතිවරයා සඳහන් කර ඇත.
මේ අතර මණ්ඩලයට ඉන්ධන ලැබෙන්නේ නම් විදුලිය කප්පාදුවක් නොකර පවත්වාගෙන යා හැකි බව විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් එහිදී ප්‍රකාශ කළ බව වාර්තාවේ.
අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් අද (25) සිට දිවා කාලයේ පැයක්ද රාත්‍රී කාලයේ පැය එකහමාරක්ද වශයෙන් විදුලිය කැපීමට විදුලිබල මණ්ඩලය ඊයේ (24) තීරණය කර තිබිණි.










