කොවිඩ් සුනාමියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීම්

කොවිඩ් සුනාමියක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් අනතුරු ඇඟවීම්

ලොව පුරා වේගයෙන් ව්‍යාපත් වන Omicron සහ Delta කොරෝනා වයිරස් ප්‍රභේද මගින් සෞඛ්‍ය සේවා පද්ධති මත “ඉමහත් පීඩනයක්” ඇති කරන බවත් එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus ඊයේ (29) අන්තර්ජාලය හරහා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළකරනු ලැබීය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ Omicron සහ Delta ප්‍රභේද වේගයෙන් ව්‍යාපත් වීම “විඩාපත් සෞඛ්‍ය සේවකයින්ට සහ සෞඛ්‍ය පද්ධති කඩාවැටීමේ අද්දර කැඳවා ඇති බවයි.” එසේම මෙම තත්වය ලොව පුරා කොවිඩ් ප්‍රතිකාර කටයුතු වල නිරත වන සෞඛ්‍ය සේවකයින් මත ඉමහත් පීඩනයක්ද ඇති කරන බව ඔහු පවසයි.

යුරෝපා රටවල් රැසක වාර්තාගත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වන අතර, ප්‍රංශයෙන් දෛනික වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (29) දිනයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 208,000ක්. එසේම බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේද මේ වනවිට දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉතා වේගයෙන් ඉහළ යමින් ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම යුරෝපයේ සීත සෘතුව ආරම්භ වීමත් සමඟ කොවිඩ් පැතිරීමේ වේගය ඉහළ මට්ටමකට ලඟා වී තිබේ. පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවෙන් ප්‍රථම වරට Omicron ආසාදිතයින් වාර්තා වූ අතර , එය දැනටමත් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශවල ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වී වේගයෙන් ව්‍යාපත්ව වෙමින් පවතී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්