ගෝඨා බැසිල් හිතවතුන්ට බදු කප්පම් දුන් හැටි මෙන්න

ගෝඨා බැසිල් හිතවතුන්ට බදු කප්පම් දුන් හැටි මෙන්න

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ වහාම ප්‍රකාශයට පත්කළ බදු කපා හැරීම නිසා ගෙවී යන වසර දෙක තුළ රුපියල් කෝටි ලක්ෂය ඉක්මවූ බදු ආදායමක් රජයට අහිමී ඇති බව අනාවරණය වේ.

පසුගිය 2020 වසරේදී රුපියල් කෝටී 55,000ක් පමණ අහිමී වූ බව මේ වන විට නිල වශයෙන් හෙළිකර ඇති අතර මෙම වසරේද එම මුදලම අහිමි වී ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වේ.

එම බදු කප්පාදුවෙන් උපයන විට ගෙවීම් බද්ද වෙනුවෙන් ලියාපදිංචිව සිටි පිරිස 42.2%කින් පහත වැටී ඇත. එමෙන් ම වැට් බදු ගෙවීම සඳහා ලියාපදිංවිව සිටි ව්‍යාපාරික ආයතන 28,914කින් ආයතන 8,152ක් වැට් බදු ගෙවීමෙන් නිදහස් වී ඇත.

මේ ආදී වශයෙන් වර්ෂ 2019දී ලියාපදිංචිව තිබූ 1,705,233 ක් වූ පිරිසගෙන් 2020 අවසන් වෙනවිට බදු ගෙවන්නන් ලෙස ඉතිරිව සිට ඇත්තේ 1,133,445ක් පමණකි. මේ අනුව ලිපිගොණු 33.5%ක් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.

මීට අමතරව බැසිල් රාජපක්ෂ මුදල් ඇමති වූ වහාම කළු සල්ලි සුදු කිරීමේ පනත සම්මත කර ගෙන තවත් ජාවාරම්කරුවන් රැසකට වංචනිකව උපයා ගත් මුදල් සුදු කිරීමේ අවස්ථාව සලසා දෙනු ලැබීය.

Facebook
Twitter
LinkedIn