යුද්ධයට බයේ පලාගිය හැටි ගෝඨාභය හෙළිකරයි

යුද්ධයට බයේ පලාගිය හැටි ගෝඨාභය හෙළිකරයි

ගෝඨාභය රාජපක්ෂ හමුදා සේවයෙන් ඉවත් වී ඇත්තේ බිරිඳගේ ඇවිටිලි නිසා බව මෙයට වසර අටකට පෙර පුවත් පතක් කළ සම්මුඛ සාකච්ඡාවකදී හෙළිකර තිබේ.

Sunday Island පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු ඒ බව හෙළිකර ඇත. එම පුවත්පත වෙනුවෙන් සමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු එම සාකච්ඡාව කර ඇති අතර 2013 ජූනි 30 වෙනිදා එම ලිපිය පළකර ඇත. මෙය උපුටා දක්වමින් අනිද්දා පුවත්පත පළකර තිබූ ලිපියක ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් ඉවත් වූ ආකාරය දක්වා තිබේ.

“යුද්ධය දරුණු වෙමින්, රජයේ හමුදාවට දැඩි ප්‍රහාර එල්ල වෙද්දී අනෙක් බොහෝ හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන් වගේම ආයෝමාත් දරදඬු විදිහට හමුදාවෙන් ඉවත් වෙලා රට අතහැර ගොස් වෙන රස්සාවක් සොයා ගත යුතු යැයි මට බල කළා.” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

Facebook
Twitter
LinkedIn