ඉන්ධන මිල වැඩිවීමත් සමඟ බස් ගාස්තු වැඩි කිරීමට අදාළ යෝජනා බස් හිමියන්ගේ සංගම් විසින් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ඉදිරිපත් කර තිබෙන අවම බස් ගාස්තුව රුපියල් 20ක් කිරිමේ යෝජනාවට ආණ්ඩුව මේ වනවිට එකඟ වී ඇති බවද වාර්තා වේ.
එහෙත්, ආණ්ඩුව ප්‍රසිද්ධියේ ඒ බව පිළිනොගෙන බස් හිමියන්ට එම ගාස්තුව අය කිරිමේ අවස්ථාව ලබාදීමේ උපක්‍රමයක් අනුගමනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. මේ අතර බස් හිමියන්ගේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔවුන් මේ වනවිට මුහුණ දී තිබෙන තවත් ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිදු පිළිතුරක් නොලැබෙන අතර අදාළ ගැටළු බස් හිමියන් විසින්ම විසඳා ගැනීමේ ඉඩකඩ ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවය.
මේ අනුව ඉතාම නුදුරේදි බස් ගාස්තු පාලනය කිරීමෙන් ආණ්ඩුව ඉවත්වනු ඇති බව හෙළිවී තිබේ.
Views: 0









