යළිත් ජාතිය ඇමතීමේ සූදානමක්

යළිත් ජාතිය ඇමතීමේ සූදානමක්

ජනාධිපතිවරයා මෙම වසරේ අවසන් දින හෝ ජනවාරි පළවෙනිදා යළිත් වරක් ජාතිය ඇමතීමට සූදානම් වන බවට තොරතුරු අනාවරණය වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ගවලින් මේ සම්බන්ධ තොරතුරු හෙළිවී තිබේ. පරිපූර්ණ කතාවක් ලෙස පැය භාගයක් තුළ එය අවසන් කිරීමේ සැලසුමක් ඇති අතර මේ වන විට රට මුහුණ දී තිබෙන බඩුමිල ඉහලයාම, ණය ආපසු ගෙවීමේ අර්බුදය සහ ඩොලර් හිඟය යන කරුණු කේන්ද්‍ර කර ගැනීමට නියමිතය.
එහෙත් මේ තුළ කොවිඩ් වසංගතය හෝ ගොවියා මේ වෙන විට මුහුණ දී තිබෙන අර්බුදය පිළිබඳව ඇතුලත් නොකිරීමට ප්‍රවේසම් වී ඇත.
කෙසේ වෙතත් කතාව පිළිබඳව අවසාන සංස්කරණය 30 වෙනිදා සිදුකරන බවත්, එහිදී අලුත් කරුණු ඇතුලත්වීමට ඉඩ ඇති බවක් හෙළිවේ.

Facebook
Twitter
LinkedIn