ලංකා ඉතිහාසයේ උද්ධමනය වාර්තාගත අන්දමින් අංක දෙකේ සීමාව ඉක්මවා ඇති බව වාර්තා වේ. මෙම වසරේ ඉහළම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ සටහන් වූ බවත් එම අගය 11.1%ක් ලෙස සටහන්ව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
මේ වනවිට වෙළද පොල තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇති අතර පසුගියදා ආණ්ඩුව ඉන්ධන මිලද දැවැන්ත ලෙස ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් තවදුරටත් භාණ්ඩ මිල ඉහළ යෑම වැලැක්විය නොහැකි තත්වයක් උදා වී තිබේ.
පසුගිය නොවැමබර් මාසයේදී මතුපිට උද්ධමනය සියයට 11.1 ක් වූ බවත් ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට 8.3 ක්ව පැවතුණු බවත් මහ බැංකුව කියයි. නොවැම්බර් මස සියයට 11.1 ක් වූ උද්ධමනය පෙර මාසයට සාපේක්ෂව සියයට 2.8 ක ඉහළ යෑමක් බවත් ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකේම මිල ගණන් ඉහළ යෑම මෙම තත්වයට හේතුව බවත් මහ බැංකුව සඳහන් කරයි.
Views: 0










