වගා හානිවලට වන්දි දෙන්නේ වී සඳහා පමණයි – මහින්දානන්ද

වගා හානිවලට වන්දි දෙන්නේ වී සඳහා පමණයි – මහින්දානන්ද

මෙවර මහ කන්නයේදී රසායනික පොහොර ආනයනය කිරීමට නොහැකි වූ බවද පොහොර නොමැතිවීමෙන් හානී වූ වගාවන්ගෙන් මෙවර මහ කන්නයේදී වන්දි ගෙවනු ලබන්නේ වී වගාව සඳහා පමණක් යැයිද කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු මේ බව පැවසූවේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදීය.

“රසායනික පොහොර ගේන්න උනන්දුවක් නැත්තම් වෙන මොනවත් ගේන්න උනන්දු වෙන්නෙත් නැහැ. ඒකට තමයි වැඩිම උනන්දුව. මේ මහකන්නයට රසායනික පොහොර ගේන්න කොහොමත් වෙලාවක් නැහැ. ඊළඟ යලට තමයි පොහොර ගේන්නේ. මේකට රජයත් වගකියන්න ඕනේ. රජය මේක අරගෙන ගියේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනීසිටියේ නැහැ. පරිසර අමාත්‍යාංශය මේ වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. ජනාධිපති කාර්යසාධක බළකායක් පත්කළා. ඒ කවුරුත් වැඩකළේ නැහැ. අන්තිමට කෘෂිකර්ම ඇමති වන මට තනියම මේක ඇදගෙන යන්න වුණා.” යැයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Facebook
Twitter
LinkedIn