මේ වනවිට රට තුළ පවතින දැඩි මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි අනාවරණය වේ.
මේ බව අනාවරණය වන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගියදා කැබිනට් මණ්ඩලයට සිදුකර ඇති ප්‍රකාශයක් අනුවය.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරගෙන යන බවත් දැඩි කොන්දේසිවලට යටත් නොවී සහනදායී ක්‍රමවේදයකට ගනුදෙනු කිරීමට අපේක්ෂා කරන බවත්ය.
කෙසේ නමුත් ආණ්ඩුවේ මැති ඇමතිවරු පසුගිය දිනවල ප්‍රකාශ කර තිබුණේ කිසිම හේතුවක් මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බවය. මේ වනවිට රට තුළ උග්‍රවී ඇති ඩොලර් හිගය හේතුවෙන් ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් රට තුළ හිග වී තිබේ.
Views: 0










