මොළ හතේ මුදල් ඇමති තවත් ණය කන්දකට රට යටකරයි…

මොළ හතේ මුදල් ඇමති තවත් ණය කන්දකට රට යටකරයි…

රට තුළ මතුව ඇති ඩොලර් හිඟය මඟහරයවා ගැනීම සඳහා චීනය, ජපානය සහ රුසියාව යන රටවලින් ද ණය මුදලක් ලබා ගැනීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වි තිබේ.

ඒ සම්බන්ධයෙන් මිත්‍ර රටවල් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ගිය සතියේ පැවති කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කර ඇත.

ඉන්දියානු සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල අත් වූ බවත්, ඇමරිකානු ඩොලර් කෝටි 140ක පමණ සහනයක් ලබාදීමට ඉන්දීය රජය එකඟ වූ බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට රටට අත්‍යාවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මෙන්ම ඛනිජතෙල් ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය නොමැතිවීමෙන් දැඩි බලපෑම් සහගත තත්වයක් ඇති වී තිබෙන බැවින් මෙම වසර අවසන් වීමට පෙර කවර ආකාරයකින් හෝ විදේශ ණය ලබාගැනීමේ උත්සාහයක ආණ්ඩුව නියැලී සිටී.

Facebook
Twitter
LinkedIn