ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම විදේශ වත්කම් පහත වැටීමේ තත්වයකට මේ වනවිට පත්ව ඇතැයි මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකාව සතුව ඇති දැනට ඇති විදේශ සංචිත අතරින් වහාම භාවිතා කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 1100ක් පමණ වන බවත් ඉදිරි වසරේ ආනයන අවශ්‍යතා හා සැසඳීමේ දී එය ප්‍රමාණවත් වන්නේ සති දෙක හමාරකට පමණක් යැයිද ඒ මහතා පවසා ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම මාසය ඇතුළත මෙරට මහා පරිමාණයෙන් විදේශ විනිමය නොලැබුණොත් රට ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවත් ඉදිරියේදී භාණ්ඩ හිඟවීමක් සහ ආනයනික සීමා දැඩිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පවසා ඇතැයි මාධ්‍ය වාර්තාකර තිබේ.
Views: 0









