වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්නේ නැති නම්, පොලිස්පතිට පැමිණිලි කළාට පැමිණිල්ල විභාග කරන්නේ නැති නම් පළක් නොවන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.
අද (08) දින පාර්ලිමේන්තුවේදී වෙළඳ අමාත්‍යංශ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ අදහස් පළකරමින් ලැබීය. මෙරට රාජ්‍ය ආයතනවල සිටින බලවත් නිලධාරීන් එම ආයතනවල පාඩු ලැබීම්වටල වගකිව යුතු බව පැවසීය.
එහිදී වෙළඳ ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්… “වැරදි කරපු කිසි කෙනෙකුට දඬුවම් දෙන්නේ නැතිනම්, පොලිස්පතිට පැමිණිලි කළාට විභාග කරන්නේ නැතිනම්, අනුන්ගේ වැරදි අපේ පව් බවට පත්කරගෙන මේ වන්දි ගෙවන්නේ. සතොසේ අලාභය ලාභයක් බවට පත් කරාම හුඟක් අයට රිදෙනවා. සතොසට භාණ්ඩ දාලා තියෙනවා 16,000ක් කම්පියුටර් සිස්ටම් එකක් නෑ. කොහේද කියලා නැතිව සල්ල අරන් ගිහිල්ලා. ඒ නිසා රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථා මණ්ඩලවල බර ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙන්න පුළුවන්, සතොසේ, ශ්‍රී ලංකන් එකේ වෙන්න පුළුවන් මේවාගේ බර දරාගෙන යන්න බෑ. මේවා ඇතුළේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කරන්න. මේවාගේ මිනිස්සු දෙන එක එක ලණු දේශපාලඥයෝ කන්න එපා.” යනුවෙන් පැවසීය.










