ගෑස් අනතුරකින් තුවාල ලැබූ කාන්තාවක් මියයයි

ගෑස් අනතුරකින් තුවාල ලැබූ කාන්තාවක් මියයයි

ගෑස් අනතුරක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (06) ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය නොවැම්බර් මස 19 දින ගෑස් ලිප දැල් වූ අවස්ථාවේදී සිරුරට ගිනි ඇවිළී ඇති අතර තුවාල ලැබූ අවස්ථාවේ ඇයව මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ සති දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා තිබේ. අනතුරුව මීට දින දෙකකට පෙර රෝහලෙන් නිවස වෙත පැමිණි නමුත් අපහසුතා සහිතව සිටි ඇත. ඊයේ නැවත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රොහල් ගත කර පරීක්ෂාවේදී ඇගේ රුධිරයේ සීනි මට්ටම පහළ ගොස් දැඩි අපසුතාවකට ලක්ව ඇති අතර රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය මියගිය බව වෛද්‍යවරු දන්වා තිබේ.

පිලිස්සුම් තුවාල ලබා මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචි එච්.එම්. චන්ද්‍රා කුමාරි නමැති 69 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය පිළිබඳව ගෑස් සමාගමට සහ පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දැන්වූ බවද ඇයගේ පවුලේ ඥාතීහු කියති.

Facebook
Twitter
LinkedIn