පකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත වෙනුවෙන් ආණ්ඩුවෙන් ලක්ෂ 25ක්

පකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත වෙනුවෙන් ආණ්ඩුවෙන් ලක්ෂ 25ක්

පකිස්ථානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයන් හට රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊයේ (06) රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවක සුභ සාධක අරමුදලින් මෙම මුදල ලබා ගැනීමට තීරණය කර ඇත. මේ අනුව එය ආණ්ඩුව මැදිහත්වීමෙන් ලබා දෙන වන්දි මුදලක් නොව මෙවැනි ආපදාවකදී විදේශ රැකියා නියුක්තිකයන් හට සහන පිරිනැමීම සඳහා පිහිටුවා තිබෙන අරමුදලින් ලබා දෙන වන්දි මුදලක් ය.

එම අරමුදලින් වන්දි ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය දැයි බලවත් ප්‍රශ්නයක් මතුවී තිබේ.

Facebook
Twitter
LinkedIn