මුතුහෙට්ටිගම නැගිට යයි

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (11) උදෑසන ආරම්භ වී සුළු වේලාවකින් එහි සම සභාපති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නැගිට ගිය බව වාර්තා වේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ගැටලුවලට පිළිතුරු දිය නොහැකිව ඔහු මෙසේ නැගිට ගොස් තිබේ. දිස්ත්‍රික්කය පුරා තිබෙන වාණිජ වටිනාකමින් ඉහළ ඉඩම් විශාල ප්‍රමාණයක් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින් කොල්ල කමින් සිටීම පිළිබඳව ජනාතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා එහිදී ප්‍රශ්න කර ඇත.

එමෙන්ම වාර්ෂික සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය 30%ත් 35%ත් අතර ප්‍රමාණයක පවතින බව මෙහිදී අනාවරණය වී ඇත. මාසිකව රැස්විය යුතු සම්බන්ධීකරණ කමිටුව මෙවර රැස්වී ඇත්තේ මාස තුනකට පමණ පසුවය. එහිදීද දිස්ත්‍රික්කයේ ගැටලු සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වා නැගිට යාම පිළිබඳව සම සභාපතිවරයාට දැඩි විවේචනයක් එල්ල කර තිබේ.

Facebook
Twitter
LinkedIn