මෙරටින් හමුවූ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදනයවූ ශ්‍රී ලාංකික කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ තැනැත්තියක බවට තොරතුරු අනාවරණයවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
එම කාන්තාවගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා යොමු කෙරුණු ජෛව පටල සාම්පලවල පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව පැවසූ ජීවන්දර මහතා අනෙකුත් සාම්පල කිසිවකත් සැකකටයුතු වයිරස ප්‍රභේද හමුවී නැතැයිද පවසයි.
පරීක්ෂණවලවල අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෙට බාර දෙන බවද ඔහු සඳහන්කරයි.
0









