නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව පස්වරු 6.00යේ සිට පස්වරු 9.00 දක්වා කාලය තුළ මෙලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
දිවයින පුරා ඊයේ (03) සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.
විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 03ක පමණ කාලයක් ගතවිය හැකි බවය.
Views: 0










