ඔමික්‍රෝන් හමුවුනේ මාරවිලෙන්ද? – උපුල් රෝහණ

ඔමික්‍රෝන් හමුවුනේ මාරවිලෙන්ද? – උපුල් රෝහණ

ඔමික්‍රෝන් ප්‍රභේදය අඩංගු පුද්ගලයෙකු මෙරටින් හමු වූ බවට ඊයේ (03) නිවේදනය කළද එම පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දැනුම්දී නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ පසුගිය 24 වනදා නයිජීරියාවේ සමුළුවකට සහභාගී වී ඇයගේ ස්වාමි පුරුෂයා සමග මෙරටට පැමිණි කාන්තාවකගේ සහ ඇගේ ආශ්‍රිතයන්ගේ PCR සිදුකර යවා ඇති බවත් ඊයේ නිවේදනය කළේ එම කාන්තව පිළිබඳවද යන්න තමන් නොදන්නා බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ…

“අපිට නිල වශයෙන් ඒ කාන්තාව කවුද කියලා දැනුම්දීලා නෑ. නමුත් මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ඒ ආසාදිත කාන්තාව යැයි සැක කරන කාන්තාවකගේ PCR සහ ඇයගේ ආශ්‍රිතයින්ගේ PCR කරලා එවන්න කියලා වසංගත රෝග විද්‍යා ඒකකයෙන් දැනුම්දීලා තිබුණා. ඒ මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ බලප්‍රදේශයට අයත් නිවසකින්. අපි ඒක යවලා තියෙනවා.”

“මේ කියන කාන්තාව පසුගිය 24 වනදා නයිජීරියාවේ සමුළුවකට සහභාගී වෙලා ඇයගේ ස්වාමි පුරුෂයාත් එක්ක තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්