රජයේ පොහොර සමාගම් දෙක යුධ හමුදාපති යටතට…

රජයේ පොහොර සමාගම් දෙක යුධ හමුදාපති යටතට…

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙය වීමෙන් හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් රජයේ පොහොර සමාගම් ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස මෙම මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ඝන හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය සඳහා දිරි ගැන්වීමත් නිසි කලට ගොවීන්ට පොහොර නොමිලේ ලබා දීමත් යුද හමුදාපතිවරයාගේ යටතේ ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානයට පවරා ඇත.

Facebook
Twitter
LinkedIn