ඇමති රියදුරුට වෙඩි

ජ්‍යෙෂ්ඨ ඇමති පියසේන ගමගේ මහතාගේ රියදුරුවරයෙකු ලෙස කලක් කටයුතු කළ පුද්ගලයෙකුගේ නිවසකට අද (11) අළුයම කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඇතැයි වාර්තා වේ.

ඉන් කිසිවෙකු‍ත් තුවාල ලබා නොමැති අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් රියදුරා පොලීසිට පැමිණිලි කර තිබේ.

මෙම වෙඩි තැබීම දේශපාලන ප්‍රශ්නයක් මත සිදුවූවක්ද එසේත් නැතිනම් පුද්ගලික ප්‍රශ්නයක් මත සිදුවූවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

Facebook
Twitter
LinkedIn