පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවලට ඇති ඉල්ලුම සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව බේකරි හිමියෝ පවසති.
රෝස්පාන් සහ බනිස් ගෙඩියක් රුපියල් 30ක්, බිත්තර පාන් ගෙඩියක් රුපියල් 60ක් මෙන්ම සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ යෑමෙන් සෙසු නිෂ්පාදන සඳහා ඉල්ලුමද වැඩි ප්රතිශතයකින් පහළ ගොස් තිබේ.
පාන් මිල ඉහළ දැමීමට පෙර උදයවරුවේ පමණක් පාන් ගෙඩි 250ක් පමණ අළෙවි කළ තැන්වල මේ වනවිට අළෙවි වන්නේ පාන් ගෙඩි 100ක් පමණ බව බේකරි හිමියෝ පවසති.
මෙම තත්වය මත සෙසු බේකරි නිෂ්පාදන ප්රමාණය අඩු කිරීමට පියවර ගත් බවත් බේකරි නිෂ්පාදකයෝ කියති.
Views: 0










