ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

ලිට්‍රෝ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ක්‍රියාත්මක බවට එම සමාගම පවසා සිටියි.

ගෑස් සම්බන්ධ පිපිරීම් සහ කාන්දුවීමේ අනතුරු සහ සිදුවීම් 20කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (02) පස්වරු 6.00න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබිණි.

Facebook
Twitter
LinkedIn