මහින්ද කිල්ලට හසුවෙයි

ජනාධිපතිවරයා හදිසියේ තිරුපති කොවිල බලා යාමට හේතු වූයේ ඔහුගේ ආරක්ෂක සුරය ඇතුළු ශාන්තිකර්ම කිල්ලකට අසුවූ නිසා බව ජනාධිපතියරාගේ ජ්‍යේතිෂවෙදියෙකු පෙන්වා දෙයි.

අතුල නිමලසිරි හිටපු නියෝජ්‍ය ඇමතිවරයා පසුගියදා අරලියගහ මන්දිරයට කිසියම් සාකච්ඡාවකට ගොස් සිටියදී හදිසි රෝගාබාධයකින් එම මන්දිරයේදී අභාවප්‍රාප්ත වූ බවත් එයින් ජනාධිපතිවරයා කිල්ලට හසුවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

නොපෙනෙන බලවේග පිළිබඳව දැඩි විශ්වාසයක් තබා සිටින ජනාධිපතිවරයා මෙම අනපේක්ෂිතව සිදුවීමෙන් දැඩි කම්පනයට පත් වී හදිසියේ ඉන්දියාවට ගොස් ශාන්තිකර්ම කරගෙන පැමිණි බව ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn