උතුරුමැද පළාත් මහ ඇමති එස්.එම්. රංජිත් මහතාගේ පෞද්ගලික ආරක්ෂකයින් සහ තලාව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් පසුගියදා එප්පවාල දී මාධ්‍යවේදී තිසර සමල්ට සහ වීදි නාට්‍ය කණ්ඩායමකට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (10) අධිකරණයට ඉදිරිපත් කළ අතර තඹුත්තේගම අතිරේක මහේස්ත්‍රාත් ලෙව්කේ බන්ණ්ඩාර මහතා විසින් හෙට (11) වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
තලාව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වසන්ත බණ්ඩාර, උතුරු මැද මහ ඇමැතිගේ පෞද්ගලික ආරක්ෂක, උදිත නිශාන්ත ප්‍රනාන්දු , එම් ඒ සංජීව පුෂ්පසිරි සහ අසංක නන්දපාල යන සැකකරුවෝ සිව් දෙනා මෙසේ රක්ෂිත බන්ධනා ගාර ගත කළහ. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූවේ ප්‍රහාරයෙන් දින හතරකට පසුවය.
Views: 0









