- GMOA සභාපති ලෙස පෙනී සිටීම තහනම්.
- විධායක සභාවේ තනතුරු ක්‍රියාකාරිත්වයත් අත්හිටුවයි.
- නිල නාමය භාවිතා කිරීම තහනම්.
- මුදල් රැස් කිරීම තහනම්.
- ශාඛා සමිති නිලවරණය පැවැත්වීම තහනම්.
- නීති ගාස්තු අයකිරීම තහනම්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපති ලෙස පෙනී සිටීම තහනම් කරමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව මොරටුව දිසා අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
එමෙන්ම එම සංගමයේ විධායක සභාවේ ක්රියාකාරීත්වයද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවීමට එම අධිකරණ නියෝගය මගින් නියෝග කර ඇත.
එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීමද තහනම් කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
Views: 0










