තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙයි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නළය සහ ගැස් උදුන අද (01) උදේ පුපුරාගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
පෙරවරු 11.00ට පමණ නිවාස හිමියා ගැස් උදුනෙන් ජලය රත්කර තේ සැදිමෙන් අනතුරුව ගැස් උදුන ක්‍රියා විරහිර කර නිවසින් එළියට පැමිණි අවස්තවේ එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත් පසුව ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන පුපුරා ගොස් ඇති බව අනාවරණය වූ බවත් පොලිසිය කියා සිටී.
පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර පිපිරිම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධික්ෂණය යටතේ පොලිස් ස්ථාන පරික්ෂණ නිලධාරින් යටතේ පරික්ෂණ පවත්වන බව තලවකැලේ පොලිසිය කියා සිටියි.
Views: 0










