LTTE රත්තරන් ගන්න ගිය ඇමැති ලේකම්වරු ගැන පරික්ෂණයක්

LTTE රත්තරන් ගන්න ගිය ඇමැති ලේකම්වරු ගැන පරික්ෂණයක්

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට උත්සහ කළ ඇමැති ලේකම්වරුන් දෙදෙනක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය වළදමා ඇතැයි කියන මෙම රත්තරන් තොගය කැබිනට් ඇමැතිවරුන් දෙදෙනකුගේ කාර්යමණ්ඩල ලේකම්වරු දෙදෙනක් නීති විරෝධී ලෙස ලබාගැනීමට උත්සහ කර ඇති බවත් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව එම රත්තරන් තොගය මේ මස 25 වැනිදා ගොඩගැනීමට සැලසුම් කර තිබූ බවත් වාර්තා වේ.

අදාල ලේකම්වරුන් දෙදෙනාගේ මෙම නීති විරෝධී සූදානම සම්බන්ධයෙන් මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරු අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට පැමැණීලි කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කළ දැනුම්දීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්‍ෂණය ආරම්භ කර ඇත.

Facebook
Twitter
LinkedIn