වී ගොවියාටත් ඡන්ද ඇමක්

බිත්තර වී මිලදී ගැනීම සඳහා යැයි කියමින් ගොවීන් හට රුපියල් 1500 සිට 20 000 දක්වා මුදලක් සහනාධාර ලෙස ලබා දීම දේශපාලන අල්ලසක් බව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා යවා ඇත.

ගොවීන් හට සහනාධාර ලබා දීම පිළිබඳව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති වුවත් මැතිවරණ සමයක ආණ්ඩු පක්ෂය විසින් මෙවැනි දේ කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට ප්‍රබල බාධකයක් බව පෙන්වා දෙයි.

එබැවින් මැතිවරණය අවසන් වන තුරු මෙය වළක්වන ලෙස කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත.

Facebook
Twitter
LinkedIn