ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන හස්තයට යට කිරීමත් පොලිස් නිලධාරීන්ට දේශපාලනඥයින්ගෙන සිදුවන බලපෑම්, තර්ජනයන්ට එරෙහිවත් ලොවපුරා විදේශගතවී සිටින හිටපු පොලිස් නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සංවිධානයක් පිහිටුවාගත් බව හිටපු පොලිස් මාධ්‍ය ප්‍රාකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි මහතා අනාවරණය කරයි.
‘ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ අන්තර ජාතික සංවිධානය’ලෙස නම් කර ඇති මෙම සංවිධානයේ මූලික අරමුණ දේශපාලනඥයින්ගෙන් අසාධාරණයට ලක් වන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමටත් ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් බව බී.බී.සී. සංදේශය හා පැවති සංවාදයකදී ප්‍රකාශ කර ඇත.
‘අපේ සංවිධානයේ ප්‍රධානතම අරමුණ තමයි ශ්‍රී ලංකා පොලිසිය නිර්දේශපාලනීකරණය කිරීම. දේශපාලන බලපෑම් වලින් තොරව සැමට එක සමානව නීතිය ක්‍රියාත්මක කරන පොලිසියක් අනාගතයේදී දැකීම තමයි අපේ එකම පරමාර්ථය.’යැයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.
ප්‍රිශාන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරමින් සිටින අවධියේදී සිදු වූ බලපෑම් හේතුවෙන් දේශපාලන රැකවරණය පතා විදේශගතවූ අතර මේ වනවිටත් ඒ මහතා විදේශගතව සිටී.
{mp3}prishantha-jayakodi-2014.12.08{/mp3}









