ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ වනවිට පත්ව සිටින දේශපාලන අරාජිකත්වය තහවුරු කරමින් විවිධ ප්‍රකාශ කිරීමට පටන් ගෙන ඇත. අද (05) පළවූ පුවත්පතක ප්රවෘත්තියක මෙසේ සඳහන් විය. ”විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට මෛත්‍රීටත් සහාය දෙනවා,ඒත් ජනාධිපතිවරණයේදී සහාය මහින්දටයි.”
මේ වනවිට වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරන ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ විශාල පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට පටන්ගෙන ඇත. අමාත්‍ය ධූරය නිසා වාසුදේව මහතා ප්‍රතිපත්ති පාවා දී ඇති බවට මෙම පිරිස චෝදනා කරති.
Views: 0









