මැතිඇමතිවරුන් සියළුදෙනාගේ ෆයිල් තමා ලඟ තිබෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඊයේ (04) කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ රජය නිර්දය ලෙස විවේචනය කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් තිබෙන බවය.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවලින් විකාශය කෙරෙන දේශපාලන වැඩසටහන්වලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් රාජපක්ෂ පාලනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ එල්ල කරන දැඩි ප්‍රහාරය වලක්වා ගැනීම සඳහා එම දේශපාලන වැඩසටහන් නවත්වා දැමීමේ උපක්‍රමය ගණනාවක් දියත් කර ඇති අතර ඒ කිසිවක් නොදන්නා ආකාරයෙන් ප්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී කළ බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.
මෙම ප්‍රකාශය සඳහා පාදක කරගෙන ඇත්තේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සජීවීව ප්‍රකාශය කළ වාද පිටිය අතරතුරදී ප්රේක්ෂකයකු විසින් අසන ලද ප්‍රශ්නයකින් කුලප්පු වූ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා එම වැඩසටහනෙන් නැගිට යාමය. මෙහිදී අදාළ ප්‍රේක්ෂකයා ඇමතිවරයාගේ නම සඳහන් නොකරමින් පොදුවේ රජයේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න කළේය.
ජනාධිපතිවරයා මෙය තමන්ගේ වාසියට යොදා ගනිමින් ” රජය නිර්දය ලෙස විවේචනය කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් ” දියත් කර ඇති බව සඳහන් කර ඇත. නමුත් රූපවාහිනී මාධ්‍යවලින් අනාවරණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහභාගී කරවා නොගෙන දේශපාලන සංවාද පවත්වාගෙන යෑමට බලපෑම් ලැබෙන බවත් ඇතැම් විට එම සංවාද මුළුමනින්ම නවත්වා දැමීමට නියෝග ලැබිය හැකි බවත්ය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී කර තිබෙන මෙම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ එම දේශපාලන සංවාද නවත්වා දැමීමට පූර්ව විධිවිධානයක් ලෙස කරන ලද්දක් බව යැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.









