මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක ඒකකයේ ප්‍රධානීන් ගණනාවක් මේ වනවිට ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් මූලිකත්වය ගෙන ක්‍රියා කරන බව අනාවරණය වේ.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එම ප්රචාරක ඒකකයේ ප්‍රධානියා වන අතර ඔහු යටතේ කටයුතු කළ ප්‍රධානම පුද්ගලයින් දෙදෙනෙකු වන මලිත් ජයතිලක සහ කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අතර සිටින බව අනාවරණය වේ.
කරුණාරත්න පරණවිතාන මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතමයකු වශයෙන් සිටී අතර විදේශ තානාපති සේවයේද යොදවා සිටි අයෙක්ය. නිර්මාණශීලි ප්‍රචාරකයකු වශයෙන් ඔහු ප්රකටය. මලිත් ජයතිලක මහතාද කැපී පෙනෙන ප්රචාරකයෙක්ය.
පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්රචාරක සැළසුම් ඇතුලු සියලු කටයුතු දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන බව මෙයින්ද තහවුරු වේ.









