කැකිල්ලේ කොමිසමේ කාලය තවත් දීර්ඝ කරයි

කැකිල්ලේ කොමිසමේ කාලය තවත් දීර්ඝ කරයි

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීම සදහා පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය 2022 අප්‍රේල් 28 දක්වා මාස 06ක කාලයක් සඳහා තවදුරටත් දීර්ඝ කර තිබේ.

2015 ජනවාරි මාසයේදී හෝ අගෝස්තු මාසයේදී පැවති ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට පෙර නිලතල දැරූ රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන් හි සහ පොලිස් සේවයේ සාමාජිකයින්ට සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා අදාළ කොමිෂන් සභාවක් පත් කර තිබුණි. එම කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි මස 28 වනදා සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබීය.

මාස 03ක කාලයක් සඳහා පත් කළ එම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 06ක් සඳහා දීර්ඝ කෙරුණු අතර එම කාලසීමාව ඊයේ (29) දිනයෙන් අවසන් විණි.

කෙසේවෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ කොමිෂන් සභාවේ කාලය තවදුරටත් දීර්ඝ කර ඇත.

Facebook
Twitter
LinkedIn