ගෙයක් ගන්න මේ පාරෙන් එන්න – රූමත් පොලිස් නිලධාරිනියට ඇරයුම්

පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ නිවාස සංකීර්ණයකින් නිවසක් බලාපොරොත්තුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක නිලධාරිනියන් දෙදෙනෙකු අදාළ ඇමතිවරයා හමුවීමට අමාත්‍යංශයට ගොස් තිබේ.

එම අවස්ථාවේදී ඇමතිවරයා නිවසක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් අදාළ නිලධාරිනියන් දෙදෙනාගේ දුරකතන අංක ලබා ගෙන ඇත. පොලිස් නිලධාරිනියන් දෙදෙනාගෙන් එක් නිලධාරිනියක් රූමත් තැනැත්තියක් වන අතර පසුව ඇමතිවරයා එම නිලධාරිනියට දුරකතන ඇමතුමක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් නිවසක් ලබා දීමට කැමති බවත් එ සඳහා තමන් එවන මෝටර් රථයෙන් පැමිණෙන ලෙසය.

පොලිස් කාන්තාවක් වන ඇය සිදුවීමට යන්නේ කුමක්දැයි සිහිනුවනින් තේරුම් ගත්තාය. ඇමති ගැටයෙන් බේරීමට නිවස පිළිබඳ අදහස අත්හැර දැමුවාය.

එම ඇමතිවරයා මේ දිනවල ජනාධිපතිවරයා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයෙක් බවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ හසළ දැණුමක් සහිතව කටයුතු කරන අයෙකු බවත් එම නිලධාරිනිය අනෙක් නිලධාරිනියන් දැනුවත් කරමින් ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn