ආණ්ඩුවේ බස් මාෆියාවට එරෙහි සටනක්

නියමිත නීති රීතිවලට පිටින් ධාවනයට යොදවා තිබෙන පෞද්ගලික සහ ලංගම බස් රථ වහාම ඉවත් කරගන්නා ලෙස පොස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින් පෞද්ගලික බස් හිමියන් සටන් ක්‍රියාමාර්ගයකට එළඹී සිටී.

ආණ්ඩුවේ ප්‍රබලයින් සහ රාජපක්ෂ පවුලේ උදවිය වෙනත් විවිධ පුද්ගලයින්ගේ නම් භාවිතා කරමින් පෞද්ගලික බස් රථ විශාල සංඛ්‍යාවක් රට පුරාම දුර ධාවනය සඳහා නීති විරෝධීව යොදා තිබෙන බව හෙළිවේ.

මේ නිසා නීත්‍යානූලව ධාවන බලපත්‍ර ලබා ගනිමින් රජයට මුදල් ගෙවා බස් ධාවනය කරන්නන් දැඩි අසීරු තත්වයකට පත්ව සිටින බව අනාවරණය වේ. අධික පොළී මත ලීසිං හෝ ණය වාරික ගෙවීමට පවා නොහැකි තත්වයක් ඇතැම් පෞද්ගලික බස් හිමියන්ට උදා වී ඇත. මෙයට හේතුව වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ නීති විරෝධී බස් ධාවනය බවට පෞද්ගලික බස් හිමියෝ චෝදනා කරති.

Facebook
Twitter
LinkedIn