පසුගිය සතියේ රියදුරු බලපත්‍ර වදය සමාප්ත වූයේ නැත. එය ලෙහෙසියෙන් හමාර කළ නොහැකි බැවින් තව දුරටත් සොයා බැලිය යුතුව තිබේ.
නොවටිනා මිලක් ගෙවා අයදුම් කරන රිය පැදවීමේ බලපත්‍රය සඳහා ලිඛිත විභාගයක්ද පැවැත්වේ. එය හරි අපූරු වැඩකි. දිස්ති‍්‍රක් කාර්යාලයකට, එකිනෙකට වෙනස්ව සකස් කරන ලද බහුවරණ ප්‍රශ්නපත්‍ර කට්ටල තුනක් ඇත. ඒවා පිටපත් වශයෙන් මුද්‍රණය කර ‘ලැමිනේට්’ ආවරණ යොදා තිබේ.
අපේක්ෂකයෙකුට මේ වර්ග තුනෙන් එකක ප්‍රශ්න පත්‍රයක් ලැබේ. එහි ප්‍රශ්න හා පිළිතුරු රියදුරු පුහුණ පාසැල්වල උපදේශකයින්ට හොඳින්ම මතකය. ඔවුහු ඒවා අපේක්ෂකයින්ට පාඩම් කරවති. සෑම විභාග වාරයක් සඳහාම ප්‍රශ්න පත්‍ර මුද්‍රණයක් සිදු නොවේ. එහෙත් විභාග ගාස්තු අය කෙරේ. සරලවම ගතහොත් ප්‍රශ්න පත්‍රය කලින් ලබාදී පිළිතුරු ලියවීමක් මෙයින් සිදුවේ. එය විභාගයක්ද? එවන් විභාගයක් පැවැත්වීමේ ප්‍රතිඵලය කුමක්ද්ර එතැන ඇත්තේ අපිරිසිදු චේතනාවකි. එය අපේක්ෂකයාගේ පසුම්බියට තට්ටු කිරීමකි.
ලිඛිත විභාගයයෙන් පසු ප්‍රායෝගික පුහුණුවයි. එය වරදක් නොවේ. එහෙත් එය වදයක් බවට හරවා තිබේ. පරිපාලන දිස්ති‍්‍රක් එකකට ඇත්තේ එක් මධ්‍යස්ථානයකි. එක් දිනකට විශාල අපේක්ෂකයින් සංඛ්‍යාවක් එම ස්ථානය සඳහා පැමිණිය යුතුය. පරීක්ෂණය සඳහා වැය වන්නේ විනාඩි 30කි. එය උපරිම කාලයයි. එහෙත් සෑම අපේ්ක්ෂකයෙකුම ඒ දවසම කැප කළ යුතුය. අවසන් වාරය ලැබෙන අපේක්ෂකයාට සමහර විට බිම් කරුවල වැටෙන හෝරාවත් පසුවී යනතුරු රැඳී සිටීමට සිදුවේ. විනාඩි 30ක කටයුත්තක් සඳහා දවසක් රස්තියාදු වීම වදයක් නොවන්නේ කාටද? මෙය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් පැවැත්වූයේ නම් මෙවන් වදයක් විඳීමට සිදුවන්නේ නැත. එකකින් එහි වදය නිමා නොවේ.
සැහැල්ලූ වාහන පැදවීමේ බලපත්‍රයක් වසර අටක් ගතවීමට පෙර අලූත් කළ යුතුය. (බර වාහන අවුරුදු 03කින් අලූත් කළ යුතුය) එහි අදහස අපේක්ෂකයා නැවත නැවත වදයට පැමිණවීමයි. නැවත වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතුය. මුදලක් ගෙවිය යුතුය. පුරවැසියන්ගෙන් නැවත නැවත මුදල් සූරාකෑම විනා වෙනත් අදහසක් මෙහි තිබේද? තමන් කායික දුබලතාවයකින් පීඩා විඳීනම් රිය පැදවීමට ඔහු පෙළඹෙන්නේ නැත.
”මට මහලූ වයසේ – බැරිය වෙණ ගායනා පෙර සේ”
එය නොවැටහෙන පාලකයෝ රට වැසියාට අසීමිත වදයක් ලබා දෙති. අනේ අපේ රට…!
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා……









