බන්දුල රට පැනීමට සැරසේ

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා හදිසියේ විදේශගත වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව අනාවරණය වේ. මෙසේ විදේශගත වීමේ අරමුණ කුමක් දැයි මේ වනවිට හෙළිවී නැත.

අතිශය තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට ආසන්නයේ ඇමතිවරයාගේ මෙම විදේශගත වීම බරපතල ගැටලුවක් බව මහින්ද පිලේ ඇමතිවරුන් අතර සාකච්ඡා කෙරෙමින් තිබෙන බව අනාවරණය වේ.

මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කතාකළ ප්‍රමුඛ පෙළේ ඇමතිවරුන් අතර අධ්‍යාපන ඇමතිවරයාද සිටියේය. ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පාසැල් සිසුන්ගේ මව්පියන් තම මැතිවරණ කාර්යාලයට හෝ පාසලෙන් බාහිර වෙනත් ස්ථාන වෙත කැඳවමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියේය.

එහෙත් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වීමත් සමඟ දැඩි කැළඹීමකට පත් වූ ඇමතිවරුන් අතර බන්දුල ගුණවර්ධන ඇමතිවරයාද සිටි බව හෙළිවී තිබේ.

Facebook
Twitter
LinkedIn