ඩොලර් හිගයෙන් සීනි හිගයක්…

ඩොලර් හිගයෙන් සීනි හිගයක්…

ආනයනික සුදු සීනි තොග රට තුළ නොමැති බවත් රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්න හේතුවෙන් ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කිරීමට නොහැකි වීම සීනි හිඟයට හේතුව බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පවසයි.

දුඹුරු සීනි ආනයනය තහනම් කර තිබෙන තත්වය තුළ රට තුළ මේ වනවිට දේශීය නිෂ්පාදිත දුඹුරු සීනි පමණක් ඇති බවත් ඉන්දියාවේ සීනි මිල ඉහළ නොගිය හොත් පාලන මිලට සීනි ලබාදීමේ ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කරයි.

එහෙත් සීනි ආනයනට ඩොලර් ප්‍රශ්නය බලපෑම් කර ඇති බවත් ඩොලර් නියමිත පරිදි ලැබෙන්නේ නම් සීනි ආනයනය කිරීමේ ප්‍රශ්නයක් නොමැති බවත් නිහාල් සෙනෙවිරත්න වැඩි දුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn