ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වෙයි

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත සමග ඇතිවූ කිසියම් මත ගැටුමක් හේතුවෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වට්ස් අප් සමාජ ජාලයේ සටහනක් තබන මුදිත විදානපතිරණ සඳහන් කරන්නේ තමා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි.

තමාගේ රාජකාරි කටයුතුවලදී එදා මෙදා තුර සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වන බවද ඔහු එම සටහන මඟින් වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සඳහන් කරන්නේ තමාට ඒ ගැන තවමත් දැනුම් දී නැති බවය.

තමාගේ වේගයට ගමන් කළ හැකි පුද්ගලයන් ආයතනවල සිටිය යුතු බවද තමාට අවශ්‍ය වන්නේ වැඩ මිස කතාව නොවන බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය මුදිත විදානපතිරණ මෙතෙක් මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර නැත.

මේ වනවිට වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සංස්ථා සහ මණ්ඩල වෙත පත්කළ සභාපතිවරු, අධ්‍යක්ෂවරු ඇතුළු බොහෝ පිරිසක් ඉල්ලා අස්වී තිබේ.

මූලාශ්‍ර ලංකාදීප

Facebook
Twitter
LinkedIn