කැප්ටන් තෝමස් සංකාරා ඝාතන නඩු විභාගය ඇරඹේ !

කැප්ටන් තෝමස් සංකාරා ඝාතන නඩු විභාගය ඇරඹේ !

මීට වසර 30කට පෙර අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ අප්‍රිකාවේ චේගුවේරා ලෙස හඳුන්වන කපිතාන් තෝමස් සංකාරා සම්බන්ධ නඩු විභාගය බුර්කිනා පාසෝ හිදී අද (25) සිට නැවතත් ආරම්භ විය.

1983-1987 කාලයේදී බුර්කිනා පාසෝ රාජ්‍යය පාලනය කල ජනාධිපතිවරයා වූ තෝමස් සංකාරා ඒක්සත් අප්‍රිකාවක්, අප්‍රිකාවට වෙනම මුදල් ඒකකයක්, ලෝක බැංකු හා අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් සමස්ථ අප්‍රිකානු ඒකාධිපතින් ලබා ගත් ණය අහෝසි කරන ලෙස අරගල කිරීම හේතුවෙන් මරා දැමු බව සඳහන් වේ.

අප්‍රිකාව පුරා තෝමස් සංකාරා ගේ අවතාරය පැතිරෙමින් පවතී. මේ වනවිට යුරෝපය හා චීන-රුසියා හමුදා උණුසුම මෙන්ම දේශපාලන, ආර්ථික පෙරමුණ අතර බල අරගලය අප්‍රිකානු මහද්වීපය පුරාත් උග්‍ර වෙමින් පවති. මේ වනවිට මාලි දේශයේත්, ඝානා රාජ්‍යයේත්, අද දිනයේ සුඩානයෙත් මෙම ලෝක බල අරගලයේ ප්‍රථිපල ලෙස හමුදා කුමන්ත්‍රණ ත්‍රිව වෙමින් පවතිනුයේ පැරණි දුෂිත පාලකයින් පලවා හරිමිනි.

මෙම සෑම හමුදා කුමන්ත්‍රණයකින් පසුව සමස්ථ අප්‍රිකානු තරුණ ප්‍රජාව වීදි බසින්නේ තෝමස් සංකාරාගේ ජයාරූප රැගත් පුවරු ඔසවාගනිමිනි. ඔවුන් ඉල්ලා සිටිනුයේ කැප්ටන් තෝමස් සංකාරාගේ සමාජවාදී රජය විසින් ජනතාවට ලබාදුන් පන්නයේ යුක්ති සම්පන්න, සමානාත්මතාවය සහිත සමාජයක් තම රටවල නිර්මාණය කරන ලෙසයි. මේ අතර මෙම හමුදා කුමන්ත්‍රණ අප්‍රිකානු මහද්වීපය පුරා පැතිර යන්නේ ඊට සමගාමිව බුර්කිනා පාසෝ හි ඔක්තෝම්බර් 11 වැනිදා ආරම්හ වූ තෝමස් සංකාරා නඩු විභාගයත් සමගිනි. මෙම ඓතිහාසික නඩු විභාගය ලොව සියළු මාධ්‍ය විසින් වාර්තා කරමින් සිටිති.

අද එම නඩු විභාගයේ දෙවන දිනය වන අතර එහිදී වගඋත්තරකාර පාර්ශ්වයට නිදහසට කරුණු කියවීමට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ වෙතත් මෙම නඩු විභාගයේ ප්‍රධාන වගඋත්තරකරු වන හිටපු ජනාධිපති Blaise Compaoré සිටිනුයේ අයිවරි කෝස්ට් හි ආරක්ෂාව මත වන අතර නඩු විභාගයට පැමිණීම ඔහු ප්‍රතික්‍ෂේප කර ඇත්තේ ඔහු අයිවරි කෝස්ට් හි පුරවැසිභාවය ලබා ගනිමින් එහි ආරක්ෂාව ලබා ගැනීම හේතුවෙනි. ඔහු පවසනුයේ මෙම නඩු විභාගය දේශපාලන වේදිකාවක් බවයි.

1987 දී තෝමස් සංකාරා ඇතුළු ඔහුගේ රජයේ සගයින් 15 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලබනුයේ Blaise Compaoré විසින් ලබා දුන් නියෝගයක් මත වේ. 2014 දී Blaise Compaoré ගේ ඒකාධිපති රජය ජනතා විප්ලවයකින් පෙරලා දමන ලදී. එතැන් සිට තෝමස් සංකාරා ඝාතනය පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා දේශීයව හා ජාත්‍යන්තරව එල්ල වූ පීඩනය හමුවේ මෙම නඩු විභාගය පසුගිය 11 වැනිදා ආරම්හ විණි. මෙම නඩුව ආශ්‍රීතව ඇති තොරතුරු පිටපත් 20,000ක් අධ්‍යනය කිරීම සඳහා කාලය විත්තිය විසින් ඉල්ලීම හේතුවෙන් නඩුව මෙම මස 25 වැනිදා දක්වා කල් දමන ලදී.

“1986 දී දුප්පත් පවුල් වලට අයත් වයස අවුරුදු 15- 17 දරුවන් 600ක් තෝරා ජනාධිපති සංකාරා විසින් අපව කියුබාවට පිටත් කර හැරියා. කියුබානු රජය කිසිදු මුදලක් අය නොකර අපිව ඉංජිනේරුවන්, ගුරුරුවරුන් හෙදියන්, දොස්තරවරුන් බවට පත් කළා. නමුත් ආපසු රටට පැමිණෙන විට අපි හද පත්ලෙන් ආදරය කල අපේ ජනාධිපති තෝමස් සංකාරා මරා දමා තිබුණා. අපිට එම පණිවිඩය ලැබුණේ කියුබාවේ සිටින විට. එදා කියුබාවේ ශිෂ්‍යයන් හා අපි සියළු දෙනාම හිටියේ දුකින්. මා සිටිය විශ්ව විද්‍යාලය පුරාවටම තිබුනේ පුදුම සහගත නිහඬ පරිසරයක්. අපි දිනගණන් නිදා ගත්තේ නෑ. ආහාර ගත්තේ නෑ. ආපසු පැමිණි අපහට කිසිදු රැකියාවක් ලැබුනේ නෑ. අපේ උපාධි සහතික පිළිගැනිම Blaise Compaoré ගේ ඒකාධිපති රජය ප්‍රතික්‍ෂේප කළා. අප පසුපස ඔත්තු සේවාවන් යෙදෙව්වා. සමහරු අත්අඩංගුවට අරන් මරා දැමුවා. වසර 30ක් පුරා මා ගතකලේ රහසිගත ජීවිතයක්. මෙම නඩු විභාගයෙන් අප බලාපොරොත්තු වනුයේ තෝමස් සංකාරාට හා අපට යුක්තිය හා සාධාරණවත්ය ඉෂ්ට කරන ලෙස පමණයි” එසේ සඳහන් කරනුයේ කියුබානු රජයේ ආධාර මත එරට අධ්‍යාපනය ලැබූ Inoussa Dakambari විසිනි.

“උන්ට මිනිසෙකු මරා දමන්න පුළුවන් නමුත් ඔහුගේ අදහස් මරා දමන්න උන්ට කිසිදා හැකියාවක් නෑ” තෝමස් සංකාරා එසේ පවසා තිබිණි.

මෙම එයතිහාසික නඩු විභාගය ලොවට නැවත වරක් ඔප්පු කර පෙන්වනුයේ මානවවාදයට එරෙහිව සිදුවූ ඝාතන වලට සම්බන්ධ වූ අළුගෝසුවන්ට ජිවිතයේ අවසාන මොහොතේදී හෝ දඩුවම් ලැබීමට සිදුවීම අනිවාර්ය බවයි. එපමණක් නොව එවැනි ඝාතන සිදුකිරීමට අපේක්‍ෂා කරනු ලබන ලොව පුරා සිටින ඕනෑම අයෙකුටද මෙමගින් ඍජුව අනතුරු හඟවා ඇති බව මෙම නඩු විභාගය පිළිබඳව අදහස් පලකරන ජාත්‍යන්තර නීති විශාරදයින් පවසයි.

Facebook
Twitter
LinkedIn