ඔක්තෝම්බර් 23 වැනිදා වතිකානුවෙන් පාලනය වන Centesimus Annus pro Pontifice Foundation නම් සංවිධානයේ සම්මේලනය අමතමින් වර්තමාන පාප් වහන්සේ වන ෆ්රන්සුවා විසින් ලොව පුරා වෙලා ගනිමින් තිබෙන දුප්පත්කම, අසමානත්වය, අයුක්තියට ධනවාදය වග කිව යුතු බව ප්‍රකාශ කරනු ලැබ ඇත. ධනවාදයට එරෙහිව ප්‍රයෝගික අරගලයක වැදගත්කම පෙන්වා දෙන උන් වහන්සේ නව මානවවාදී ආර්ථික වැඩපිළිවෙලක් ජයග්‍රහණය කිරීම සඳහා සටන් වඳින ලෙස ලෝක තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.
1991 දී හිටපු පාප් වහන්සේ දෙවැනි ජෝන් පෝල් පාප්වහන්සේ විසින් වතිකානුවේ සමාජ සංරක්ෂණ වැඩපිළිවෙල ලෙස එලි දැක්වූ (Centesimus annus) ඓතිහාසික කෙටුම් පත ලෝක ධනවාදය හා නව ලිබරල්වාදයත්, මුල්‍ය ප්රාග්ධනය මත ගොඩ නැගී ඇති සමාගම් විසින් ලාභය මත පදනම්ව ආර්ථික සම්පත් සුරා කෑමත් ඉතා බරපතල හෙලා දකිනු ලැබීය. එසේම මෙම වැඩ පිළිවෙල මගින් පුද්ගලික දේපල ක්‍රමය හා පුද්ගලික සමාගම් ප්‍රතික්ෂේප නොකරන නමුත් එමගින් උපයාගන්නා ලාභය සමාජ සුබසාධනය සඳහා ලබා දිය යුතු බව අවධාරණය කර ඇත.
ඔක්තෝම්බර් 23 වැනිදා පැවැත්වූ දේශනයේදී වර්තමාන පාප් වහන්සේ වැඩි දුරටත් පවසා සිටියේ මුල්‍ය ධනවාදය විසින් පෘථිවිය දුෂණය කරනු ලැබ ඇති බවය.
“ලෝක පීඩිත ජනතාවට උසස් ජීවන තත්වයක් හා ගෞරවාන්තික ජිවිතයක් උදා කරදීම වෙනුවෙන් පල්ලියේ සමාජ සංරක්ෂණ න්‍යායය ප්‍රයෝගික කල යුතුව තිබෙනවා. ඒ සඳහා සහෝදරවත්වය, වගකීම, සහජීවනය මත පදනම් වූ ආර්ථික හා දේශපාලන මධ්‍යස්ථානයක් ගොඩ නැගිය යුතුව තිබෙනවා. එහිදී ආත්මාර්ථකාමී හා පරිභෝජනය මත පමණක් පදනම්ව ගොඩනැගී ඇති මෙම සමාජ ක්‍රමය වෙනස් කර සැමටම සමසේ ආර්ථික ලාභය බෙදීයන සමාජයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. අසමානත්වයට හා දුප්පත්කමට එරෙහිව අරගල කිරීම සඳහා ඍජුව මැදිහත් වී එයට නායකත්වය ලබාදෙන ලෙස මා ලෝක කතෝලික තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. ලෝක කතෝලික ප්‍රජාව දේශ සීමා මත බෙදී ඇති , විවිධ සංස්කෘතීන් මත ගොඩ නැගී ඇති සියළු ජාතිවාදයන් පරදා, මුදල්, ආත්මාර්ථකාමය ඉක්මවා ගිය ලිබරල් සමාජ ක්‍රමය පරාජය කිරීම වෙනුවෙන් කැපවිය යුතුව තිබෙනවා ” යැයි උන් වහන්සේ තම දේශනයේදී වැඩිදුරටත් පවසා ඇත.










